ලංකාවෙන්ම 1 පේරාදෙණියට: UI GreenMetric ලෝක වර්ගීකරණයෙන් විශිෂ්ට ජයක්!
2026 UI GreenMetric ලෝක විශ්වවිද්යාල ශ්රේණිගත කිරීම්වලට අනුව ශ්රී ලංකාවේ ප්රථම ස්ථානය නැවත වරක් හිමිකර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්යාලය සමත්ව ඇත.
එම 2026 ශ්රේණිගත කිරීම්වලට අනුව, රටවල් 110ක විශ්වවිද්යාල 2,016ක් අතරින් ප්රසාද ලකුණු 8,262.5ක් ලබා ගනිමින් ලෝක මට්ටමෙන් 200 වන ස්ථානය දිනාගැනීමට පේරාදෙණිය විශ්වවිද්යාලය සමත් විය.
පරිසර හිතකාමී සහ තිරසාර විශ්වවිද්යාල පරිශ්රයක් පවත්වාගෙන යාම, තිරසාර සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම මෙන්ම පාරිසරික වශයෙන් වගකීම්සහගත පිළිවෙත් ප්රවර්ධනය කිරීම වෙනුවෙන් විශ්වවිද්යාලය දක්වන අඛණ්ඩ ප්රගතිය මෙම ජයග්රහණයෙන් පිළිඹිබු වේ.
UI GreenMetric ලෝක විශ්වවිද්යාල ශ්රේණිගත කිරීම් මගින් විශ්වවිද්යාලවල තිරසාරභාවයේ කාර්යසාධනය ඇගයීමට ලක් කරන්නේ පාරිසරික සැකසුම සහ යටිතල පහසුකම්, බලශක්තිය සහ දේශගුණික විපර්යාස, අපද්රව්ය කළමනාකරණය, ජල කළමනාකරණය, ප්රවාහනය, අධ්යාපනය, පාලනය සහ ඩිජිටල්කරණය යන ප්රධාන දර්ශක කිහිපයක් පදනම් කරගනිමිනි.
2026 ශ්රේණිගත කිරීම් “පාලනය, ඩිජිටල්කරණය සහ සංයුක්ත කාර්යසාධනය තුළින් තිරසාර විශ්වවිද්යාල පරිශ්ර ඉදිරියට ගෙනයාම” යන තේමාව යටතේ පවත්වන ලදී.
ලොව පුරා විශ්වවිද්යාල අතර තිරසාර කාර්යසාධනය ඇගයීමේ ප්රධාන ජාත්යන්තර වේදිකාවක් ලෙස එහි ඇති වැදගත්කම තවදුරටත් තහවුරු කරමින්, රටවල් 110ක විශ්වවිද්යාල 2,016ක් මෙවර UI GreenMetric ශ්රේණිගත කිරීම් සඳහා සහභාගී වී තිබුණි.
ශ්රී ලංකාවේ ප්රථම ස්ථානය නැවතත් තහවුරු කරගනිමින්, තිරසාර සංවර්ධනය, පාරිසරික සංරක්ෂණය සහ පරිසර හිතකාමී විශ්වවිද්යාල සංස්කෘතියක් පෝෂණය කිරීම වෙනුවෙන් තමන් තුළ ඇති අඛණ්ඩ කැපවීම ප්රකාශ කිරීමට පේරාදෙණිය විශ්වවිද්යාලය සමත්ව ඇත.
