22 වන සංශෝධනයට හෘද සාක්ෂියට අනුව ඡන්දය දීමට ඉඩ දෙන්නැයි BASL එකෙන් ඉල්ලයි
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්ය නොවන බවට ශ්රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති පසුබිමක, එම සංශෝධනය සම්මත කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය මන්ත්රීවරුන්ගේ හෘද සාක්ෂියට අනුව ගැනීමට අවස්ථාව සලසන ලෙස ශ්රී ලංකා නීතිඥ සංගමය (BASL) සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා නීතිඥ සංගමය මේ බව සඳහන් කරනවා.
ශ්රේෂ්ඨාධිකරණයේ කාර්යභාරය වන්නේ පනතක් සම්මත කිරීමට අවශ්ය ව්යවස්ථාපිත බහුතරය සහ ජනමත විචාරණයක් අවශ්යද යන්න තීරණය කිරීම පමණක් බවත්, මෙය සංශෝධනයේ උචිත භාවය පිළිබඳ තීන්දුවක් නොවන බවත් සංගමය පෙන්වා දෙනවා.
එබැවින්, විනිවිදභාවයකින් තොරව හඳුන්වා දුන් මෙම සංශෝධනයේ ප්රතිවිපාක සහ වෘත්තීය සංවිධාන 40කට අධික සංඛ්යාවක් දක්වා ඇති අදහස් කෙරෙහි අවධානය යොමුකර, ස්වෛරී ජනතාව වෙනුවෙන් ප්රතිපත්තිගරුක තීරණයක් ගැනීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට හිමිවන බවයි එම නිවේදනය මගින් අවධාරණය කරන්නේ.
