නාමල් රාජපක්ෂ සැප්. 23 දක්වා රිමාන්ඩ්
රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි නාමල් රාජපක්ෂ එළැඹෙන 23 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (16) නියම කර තිබෙනවා.
ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.
සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්රකාශයට පත් කරන බවත් මහේස්ත්රාත්වරයා නියෝග කළා.
නාමල් රාජපක්ෂ අද දින මෙම නඩු කටයුත්ත සඳහා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
ඉන් අනතුරුවයි නැවත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.
එහිදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා
