පළාත් 7කට සහ දිස්ත්රික්ක 4කට තද අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණ යන පළාත් සඳහාත්, අම්පාර, මඩකලපුව, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්රික්ක සඳහාත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් තද අකුණු පිළිබඳ රතු/අම්බර් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ ප්රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අකුණු මගින් සිදුවන අනතුරු සහ හානි අවම කර ගැනීමට අවශ්ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
