​’දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමට රුපියල් මිලියන 10,000ක ණය යෝජනා ක්‍රම දෙකක්

0

‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ක්ෂුද්‍ර, කුඩා සහ මාධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) නැවත ආරම්භ කිරීම සහ ඒවායේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ප්‍රාග්ධන සහාය ලබා දීමේ අරමුණින් ප්‍රධාන ණය යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

​’RE-MSME ව්‍යසන සහන ණය යෝජනා ක්‍රමය’ (RE-MSME Disaster Relief Loan Scheme) සහ ‘ව්‍යාප්ත කළ ව්‍යසන සහන ණය යෝජනා ක්‍රමය’ (Expanded Disaster Relief Loan Scheme) යන වැඩසටහන් දෙක රුපියල් මිලියන 10,000ක ප්‍රතිපාදන සහිතව 2025 සහ 2026 වසරවලදී ක්‍රියාත්මක කෙරේ.

​ස්වාභාවික ව්‍යසනයන්ගෙන් පසුව ව්‍යාපාර ඉක්මනින් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය ක්ෂණික මූල්‍ය සහනය ලබා දීම සහ ජාතික ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම වේගවත් කිරීම මෙම වැඩසටහන්වල මූලික අරමුණයි.

​2026 වසරේ සිට මෙම ණය යෝජනා ක්‍රම දෙක ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ. මූල්‍ය ආයතන 15ක සහභාගීත්වයෙන්, සුළි කුණාටුවෙන් හානියට පත් ව්‍යවසායන් 3,968ක් වෙනුවෙන් රුපියල් මිලියන 8,061.4ක ණය මුදල් මේ වන විටත් සම්පාදනය කර ඇත.

​මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම ණය යෝජනා ක්‍රමවල ප්‍රගතිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, කැබිනට් මණ්ඩලය විසින් එම යාවත්කාලීන කිරීම් නිල වශයෙන් සටහන් කර ගන්නා ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *