ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
නැවත නැවත අපරාධ සිදු කරන වැරදිකරුවන් සම්බන්ධයෙන් වඩාත් ඵලදායී ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අදාළ විධිවිධාන යාවත්කාලීන කිරීම මෙහි අරමුණයි. මේ සඳහා 2025 අප්‍රේල් 7 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මූලික අනුමැතිය ලබා දී තිබුණි.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති අතර, එය රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත
