සමාජ ආරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා: අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

0

දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ “සමාජ ආරක්ෂණය” පිළිබඳ යෝජනා ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කිරීමට මේ වනවිට අවස්ථාව උදාවී ඇති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍ය බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉදිරි දස වසර සඳහා වූ සමාජ ආරක්ෂණය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ තාක්ෂණික ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අන්තර්ජාතික කම්කරු සංවිධානයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන කම්කරු, කාන්තා හා ළමා කටයුතු ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් එක්ව මෙහෙයවනු ලබයි.

මෙම අවස්ථාවට අන්තර්ජාතික කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ අධ්‍යක්ෂිකා ජොනී සිම්සන් මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *