රජරටට දැඩි නියඟයක බලපෑම්: අනුරාධපුරයේ වැව් 700කට වැඩි ප්‍රමාණයක ජලය සම්පූර්ණයෙන්ම සිඳී යයි

0
රජරටට දැඩි වියළි කාලගුණයක්; වැව් 778ක් සම්පූර්ණයෙන්ම සිඳී ගිහින්

රජරටට දැඩි වියළි කාලගුණයක්; වැව් 778ක් සම්පූර්ණයෙන්ම සිඳී ගිහින්

සෑම වසරකම ජූලි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ රජරට කලාපයට නියං තත්ත්වයක් පැවතීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, මෙවර පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සීඝ්‍රයෙන් සිඳී යමින් පවතින බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසයි.

අද (31) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසූවේ, පසුගිය වසරවලට වඩා උග්‍ර තත්ත්වයක් ගනිමින් පවතින මෙම නියඟය නිසා රජරට ජන ජීවිතයට මෙන්ම පරිසරයට සහ වනසතුන්ටද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.

දිස්ත්‍රික්කයේ පවතින සුළු වාරි 2,410 අතුරින් ජලාශ 788කම ජලය සම්පූර්ණයෙන්ම වාගේ සිඳී ගොස් ඇති අතර තවත් වැව් 612ක ජල මට්ටම 5%ට වඩා පහළ බැස ඇති බව ඔහු පැවසීය.

මේ අතර, මුළු ජල ප්‍රමාණයෙන් 75%කට වඩා රඳා පවතින්නේ ප්‍රධාන වැව් 7ක පමණක් බවද පැවසීය.

ජල මූලාශ්‍ර මෙලෙස දැඩි ලෙස සිඳීයාම හේතුවෙන් පානීය ජලය සොයාගැනීම දුෂ්කර වී ඇති අතර, කෘෂිකාර්මික කටයුතුවලට මෙන්ම වනසතුන්ගේ ජල අවශ්‍යතා සපුරා ගැනීමටද දැඩි බාධා එල්ල වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *