දිවයින පුරා මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් සැකකරුවන් 260,000කට අධික පිරිසක් අත්අඩංගුවට: වැටලීම් 262,000ක් පනී
දිවයින පුරා මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් සැකකරුවන් 262,257ක් අත්අඩංගුවට
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමේ මෙහෙයුම යටතේ 2025 ඔක්තෝබර් 30 වනදා සිට ඊයේ (28) දිනය තෙක් සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 262,257ක් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීමේ අරමුණින් විශේෂ මෙහෙයුම ආරම්භ කෙරුණේ 2025 ඔක්තෝබර් 30 වනදායි.
එදින සිට ඊයේ දිනය තෙක් මේ පිළිබඳ වැටලීම් දෙලක්ෂ හැටදෙදහස් නවසිය හැටනවයක් සිදුකර තිබෙනවා. එහිදී අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව දෙලක්ෂ හැටදෙදහස් දෙසිය පනස්හතක්. නීති විරෝධි වත්කම් විමර්ෂණ ආරම්භ කළ සැකකරුවන් සංඛ්‍යාව 419ක් වේ..
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 3433න් දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.
පුනරුත්ථාපනයට යොමුකළ සංඛ්‍යාව 2407ක්.
මෙම සමස්ත වැටලීම්වල දී හෙරොයින් කිලෝග්‍රෑම් 2266යි ග්‍රෑම් 401ක්ද, අයිස් කිලෝග්‍රෑම් 2684යි ග්‍රෑම් 194ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
කුෂ් කිලෝග්‍රෑම් 1658ක් සහ හෂිෂ් කිලෝග්‍රෑම් 398ක්ද මත්පෙති හතලිස් හතර ලක්ෂ හැත්තෑනවදහස් එකසිය හැට අටක්ද සිය භාරයට ගැනීමට හැකිවූ බවයි පොලිසිය නිවේදනය කරන්නේ.
