හිම දියවීමෙන් චීන-නේපාල දේශසීමාවට හදිසි ගංවතුරක්: චීන රජයේ ගොඩනැගිල්ලක් ඇතුළු මාර්ග සම්පූර්ණයෙන් විනාශයි
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින් – රේගු දෙපාර්තුමේන්තුව
චීන සහ ටිබෙට් දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති නේපාලයේ රසුවා ප්‍රදේශයට හදිසි ගංවතුර තත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
තප්පර කීපයක් වැනි ඉතා කෙටි කාලයක් තුළ මෙම තත්වය හටගෙන තිබේ.
දේශ සීමාව ආසන්නයෙන් ගලා යන බොත්කොෂි ගංගාව ඔස්සේ හිම දියවීම හේතුවෙන් ඇතිවූ විශාල ජල ප්‍රමාණයක් එකවර ගලා ඒම හේතුවෙන් මෙම ගංවතුර තත්වය හටගෙන ඇති බව සඳහන් වේ.
ප්‍රදේශයට බලපෑ හදිසි භූකම්පා තත්වයක් මෙම හිම දියවීම සඳහා බලපා ඇති බවද විශ්වාස කරන බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මේ හේතුවෙන් බොත්කොෂි ගංගාව ආසන්නයෙන් ගමන් කරන මහාමාර්ගයක් සම්පූර්ණයෙන්ම යටව ගොස් ඇති අතර චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක්ද සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙනවා.
මෙම ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විය 17 දෙනෙක් මියගොස් ඇති අතර විශාල ප්‍රමාණයක් අතුරුදන් වී ඇත.
