අතහැර දමා ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබාදීමට සැලසුම්
අතහැර දමා ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබාදීමට සැලසුම්
දැනට අතහැර දමා ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබාදීම සඳහා යෝජනා කැඳවීමට තීරණය කර තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තකුමාරගේ සඳහන් කළේ, ත්‍රිකුණාමලය පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් ආයතනය සතුව පවතින තෙල් ටැංකි 61න් 29ක් මේ යටතේ බදු පදනම ලබාදෙන බවයි.
ත්‍රිකුණාමලයේ ඉන්ධන ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් පිහිටුවීම එහි අරමුණ බවද ඔහු ප්‍රකාශ කළේය.
ත්‍රිකුණාමලයේ පවතින ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති තවත් තෙල් ටැංකි දෙකක් මේ වනවිට ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇති බවද මයුර නෙත්තිකුමාරගේ පැවසුවේය.
