හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට: අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරෙයි

0
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කෙහෙළියට ඇප

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කෙහෙළියට ඇප

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම හමුවට අද(18) කැඳවා තිබුණි.

එම ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගැනුනේ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා සේවකයින් 06 දෙනෙකු බඳවා ගෙන ඔවුන් එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටි රඹුක්වැල්ල මහතාගේ කාර්ය මණ්ඩලය සම්පූර්ණව තිබිය දී නීත්‍යනුකූල නොවන ලෙස ඊට අනුයුක්ත කිරීම ඔහුට එරෙහි චෝදනාවක්.

ඒ තුළින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් 14,325,422.83ක මුදලක් පාඩු කිරීමෙන් දුෂණය නැමැති වරද සිදුකළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

එසේම කුණ්ඩසාලේ උඩමළුව පුරා විද්‍යා භූමියේ තිබූ මහනුවර රාජධානියට අයත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ මාලිගයේ පිවිසුම් පියගැටපෙළ අසල තිබූ ඓතිහාසික සඳගල නම් පුරා වස්තුව සොරකම් කිරීමට අදාළ විමර්ශනවලට බලපෑම් කිරීම අනෙක් චෝදනාවයි.

හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *