බැසිල් රාජපක්ෂ අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝග

0
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝග

බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝග

බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝග කර තිබේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව අද (18) යළි කැඳවනු ලැබීය.

අයථා ලෙස උපයාගත් බවට චෝදනා කෙරෙන මුදල් යොදාගනිමින් මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක පමණ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මෙම නඩුව පවරා තිබේ.

විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙනී සිටියා.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු වන බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයට පිළිගත හැකි වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකර දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා, ඔහු තැන්පත් කර ඇති ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝග කර තිබෙනවා.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ශරීර ඇප අත්සන් කළ පුද්ගලයන් තිදෙනෙකුට දඩ මුදල් නියම කර ඇති අතර, එම දඩ මුදල් නොගෙවන්නේ නම් බන්ධනාගාරගත කිරීමටද නියෝග කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාට නිකුත් කර ඇති වරෙන්තුව ලබන ඔක්තෝබර් 27 වනදා දක්වා දීර්ඝ කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *