උසස් පෙළ සහ උපාධි අපේක්ෂකයන්ට මසකට රු. 2500 සහ 7500 බැගින්: වතු ප්‍රජාවගේ අධ්‍යාපනයට ඉන්දියාවෙන් තවත් ශක්තියක්
වතුකරයේ අධ්‍යාපන ශිෂ්‍යත්වවලට ඉන්දියාවෙන් තවත් මුදල්
ලංකා වතු කම්කරු අධ්‍යාපන භාරය සඳහා ඉන්දියාව විසින් ඉන්දියානු රුපියල් 200ක අතිරේක ප්‍රදානයක් ලබාදී ඇති අතර ඒ අනුව එම භාරය මගින් සිසුන් සඳහා වසරකට ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය 350 සිට 700 දක්වා දෙගුණ කිරීමට හැකියාව ලැබී ඇති බව නිවේදනය කර ඇත.
ඒ අගෝස්තු 10 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති එම ශිෂ්‍යත්ව භාරයේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මගින්ය.
එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වතු හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමති සුන්දරලිංගම් ප්‍රදීප් සහභාගි වී ඇති අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හා තවත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් එම අවස්ථාවට සහභාගි වී ඇත.
එම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ උසස් පෙළ හදාරන සිසුන් සඳහා මාසයකට රුපියල් 2500 මුදලක් ලැබෙන අතර උපාධි අපේක්ෂකයින් සඳහා මාසයකට රුපියල් 7500ක මුදලක් හිමිවේ.
