එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් වූ හානිය ගැන රජය තවදුරටත් සොයා බැලිය යුතුයි: කාදිනල් හිමියන් ජනාධිපති කාර්යාලයේදී පවසයි

0
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය ගැන තවදුරටත් සොයා බලන්න – කාදිනල් හිමි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය ගැන තවදුරටත් සොයා බලන්න – කාදිනල් හිමි

මෙරට බටහිර මුහුදේදී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් රජය තවදුරටත් සොයා බැලිය යුතු බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ සම සභාපතිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති කතෝලික සභාවේ සාකච්ඡාවකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කර තිබේ.

එහිදී රජයට පවරාගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු මෙන්ම කතෝලික ධර්මය සඳහා ගුරු කාර්ය මණ්ඩලයක් සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

එමෙන්ම, එම පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

වසරකට තෙවරක් කතෝලික සභාව සමඟ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයට ස්තූතිය පළ කරන බවද කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර තිබේ.

සියලු සිසුන්ට කිසිදු භේදයකින් තොරව තම ආගම ඉගෙනීමට ඇති අවස්ථාව තහවුරු කිරීම තම අභිලාෂය බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *