මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර නොසන්සුන්තාව විමර්ශනයට කමිටු 3ක්

0
කුරුවිට, නව මැගසින් සහ පල්ලන්සේන නොසන්සුන්තා ගැන සෙවීමට කමිටු 3ක්

කුරුවිට, නව මැගසින් සහ පල්ලන්සේන නොසන්සුන්තා ගැන සෙවීමට කමිටු 3ක්

නව මැගසින් හා කුරුවිට බන්ධනාගාරවල මෙන්ම පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයන් සම්බන්ධයෙන් විමර්ශනයට කමිටු 3ක් පත් කර තිබේ.

වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හේමන්ත ප්‍රසාද් සඳහන් කෙළේ, නොසන්සුන්කාරි තත්ත්වයන් ඇති වීමට කිසියම් බාහිර බලපෑමක් හේතුවී දැයි නිශ්චිතව හඳුනාගැනීමටද එම කමිටු විසින් කටයුතු කරනු ඇති බවයි.

නොසන්සුන් තත්ත්වය අතරතුර බන්ධනාගාර දේපළවලට සිදුවු හානිය තක්සේරු කිරීමටද වෙනම කමිටුවක් පත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර මැගසින්, කුරුවිට බන්ධනාගාරවල හා පල්ලන්සේන එළිමහන් සිරකදවුරේ ආරක්ෂාව තරකර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව යොදවමින්.

නව මැගසින් හා කුරුවිට බන්ධනාගාරවල සහ මීගමුව පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේ නොසන්සුන්තාවයන් අතරතුර මිය ගිය රැඳවියන් සංඛ්‍යාව 3ක්.

තුවාල ලැබු සංඛ්‍යාව 77කට ආසන්නයි.

පසුගිය ජුලි මස 5 වැනිදා මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන්ද තිස් දෙදෙනෙකු මියගොස් 100 කට අධික පිරිසක් තුවාල ලැබීය.

මේ අතර රැඳවියන් මුහුණ දී සිටින ගැටලු සහ ඔවුන්ගේ සුභසාධන කටයුතු මෙන්ම හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *