ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ දැඩි අවදානමක් – කාර්ය සාධන වාර්තාවෙන් හෙළිවෙයි

0
පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්

පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්

පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට 2025 වසරේ පාර්ලිමේන්තු වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් සමාලෝචිත වර්ෂයේදී පාර්ලිමේන්තුවේ තොරතුරු සහ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ඇගයීමක් සිදුකර ඇති බව සඳහන් වෙයි.

එහිදී පරීක්ෂා කළ කරුණු 56ක් අතුරින් 46ක අවදානම ඉහළ මට්ටමක පවතින බවට වාර්තා කර තිබූ බව එම වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව,එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ සයිබර් තාක්ෂණය අවභාවිතා කරමින් ඩිජිටල් පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී සංවේදී තොරතුරු සොරකම් කිරීම, ආයතනයේ මෙහෙයුම් කටයුතුවලට බාධා පැමිණවීම වෙබ් අඩවිවල අන්තර්ගතය විකෘති කරමින් ආයතනවල කීර්තිනාමයට හානි කිරීම වැනි අනර්ථ ක්‍රියා සිදුවීමේ යම් අවධානමක් පවතින බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කළ යුතු බවට විගණනයේදී නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2025 වර්ෂය සඳහා වන කාර්ය සාධන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com