​ශ්‍රීලන්කන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට එරෙහි විමර්ශන කඩිනම් කරන්න – මහෙස්ත්‍රාත්ගෙන් අල්ලස් කොමිසමට නියෝග

0
නිශාන්ත වික්‍රමසිංහගේ නඩුව සම්බන්ඳයෙන් අධිකරණයෙන් නියෝගයක්

නිශාන්ත වික්‍රමසිංහගේ නඩුව සම්බන්ඳයෙන් අධිකරණයෙන් නියෝගයක්

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති දූෂණ චෝදනා සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර තිබේ.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, විමර්ශන අවසන් කිරීම සඳහා තවත් කාලයක් අවශ්‍ය බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව නඩුව ලබන දෙසැම්බර් 8 වැනිදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා, එදිනට විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කර ඇත.

2014 ජනවාරි 22 වනදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක දක්වා පැමිණීමට නියමිතව තිබූ UL319 දරන ගුවන්යානයේ ගමන් මාර්ගය වෙනස් කිරීමෙන් රජයට අම‍ෙරිකානු ඩොලර් 4,512ක පාඩුවක් සිදුකිරීම සහ 2014 වසරේ ජනවාරි 26 වනදා මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශය බලායාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන්යානයෙන් පිටත්කර හැරීම මගින් අමෙරිකානු ඩොලර් 19,160ක මුදලක් රජයට පාඩු කිරීම යන චෝදනා සැකකරු වෙත එල්ල වී තිබෙන අතර අමතරව 2014 වසරේ දෙසැම්බර් 19 වනදා කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් 1,250,000ක රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව තවත් චෝදනාවක් එල්ල වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *