ජාත්යන්තර ආයෝජක විශ්වාසය යළි තහවුරු වේ, ශ්රී ලංකාව වේගවත්ම ප්රගතියක් ලැබූ රටවල් අතරට
නැගී එන ආර්ථිකයන් අතර සිව්වන ස්ථානය ශ්රී ලංකාවට
ආයෝජක සබඳතා හා ණය විනිවිදභාවය වැඩිදියුණු කළ නැගී එන ආර්ථිකයන් අතර ශ්රී ලංකාව සිව්වැනි විශාලතම ප්රගතිය වාර්තා කළ රට බවට පත්ව තිබේ.
මේ අනුව ණය ප්රතිව්යුහගත කිරීමෙන් අනතුරුවයි ජාත්යන්තර ආයෝජක විශ්වාසය යළි ගොඩනැගීමේ ශ්රී ලංකාවේ උත්සාහයට තවත් ජාත්යන්තර පිළිගැනීමක් හිමිව තිබෙන්නේ.
Institute of International Finance නිකුත් කළ 2026 ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවට අනුව ශ්රී ලංකාව ආයෝජක සබඳතා හා ණය විනිවිදභාවය වැඩිදියුණු කළ නැගී එන ආර්ථිකයන් අතර සිව්වැනි විශාලතම ප්රගතිය වාර්තා කළ රට බවට පත්ව තිබේ.
එම වාර්තාවට අනුව ශ්රී ලංකාවේ ආයෝජක සබඳතා සඳහා පෙර පැවති ලකුණු සංඛ්යාව 37.33 සිට මෙම වසරේ දී 43.67 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ජාත්යන්තර හොඳම ප්රමිතීන්ට අනුව ඇගයීමට ලක් කළ නැගී එන හා සංවර්ධනය වෙමින් පවතින රටවල් 57 අතරින් ශ්රී ලංකාව ඉහළම කාණ්ඩයට එක්ව සිටියි.
මෙම වාර්තාව ශ්රී ලංකාව වේගවත් ප්රගතියක් වාර්තා කළ රටක් ලෙස හඳුන්වා දී ඇති අතර ලොව සිව්වැනි විශාලතම දියුණුව වාර්තා කළ රට ලෙස නම් කර තිබෙනවා.
එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ වියට්නාමයයි.
දෙවන ස්ථානයට බෙලීස් සහ තුන්වන ස්ථානය මොසැම්බික් යන රටවලට හිමි ව තිබෙනවා.
මීට අමතරව ණය විනිවිදභාවය වැඩිදියුණු කිරීමේ අංශයෙන්ද ශ්රී ලංකාව කැපී පෙනෙන ප්රගතියක් ලබා ඇති රටක් ලෙස ජාත්යන්තර මුල්ය ආයතනය සඳහන් කරයි.
එමෙන්ම ණය විනිවිදභාවය සම්බන්ධ ශ්රේණිගත කිරීමේදී ශ්රී ලංකාව 2025 වසරේ සිටි 19 වැනි ස්ථානයේ සිට මේ වසරේදී 5වැනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.
