ජගත් කඩොලාන දිනයට සමගාමීව පුත්තලමේ කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර
2026 වසරට අලුතින් කඩොලාන පද්ධතීන් 08ක් රක්ෂිත ලෙස ගැසට් කිරීමට පියවර
මාත්‍යංශය මගින් ක්‍රියාත්මක “කඩොලානට දලුලන්න ඉඩදෙන්න”ජාතික වැඩසටහන පසුගිය වසරේ (2025) ජගත් කඩොලාන දිනයට සමගාමීව ජූලි 26 වන දින පුත්තලම පාලවිය, කරඹ දී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්‌ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.
ජූලි මස 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දින වැඩසටහන ජූලි.27 දින පරිසර අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
2026 වසරේ ජූලි 26 දිනට යෙදෙන ජගත් කඩොලාන දිනයට සමගාමීව ප්‍රධාන ලෙස කඩොලාන පද්ධතින් 08 ක් හදුනාගෙන තිබෙනවා.
වනස්පති ජාතික වැඩසටහනට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කිරීම සඳහා වන ගැසට් පත්‍ර සදහා ගරු පරිසර අමාත්‍යතුමන් විසින් අත්සන් තැබීමටයි නියමිතව ඇත්තේ.
එම රක්ෂිත බවට පත් කිරීමට අපේක්ෂා කරන කඩොලාන වනාන්තර පද්ධතීන් 08 පහතින්,
01)තිල්ලිඅඩිය කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අඩවියේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 13.06ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කඩොලාන වනාන්තරය
02) සම්මට්ටවාඩිය කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අඩවියේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 10.91ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කඩොලාන වනාන්තරය
03) මුතලප්පාලි කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අඩවියේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 22.74ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කඩොලාන වනාන්තරය
04) කුඩාව කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අඩවියේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 4.43 ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කඩොලාන වනාන්තරය
05) කුඹුටු කුලියාව කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අඩවියේ ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් හෙක්ටයාර්. 4.47ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කඩොලාන වනාන්තරය
06) කරඹේ කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අඩවියේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 76.82ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කඩොලාන වනාන්තරය
07) කන්දකුලිය කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අඩවියේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 17.47ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කඩොලාන වනාන්තරය
08) මණ්ඩල කුඩාව කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අඩවියේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 12.82ක භුමි ප්‍රමාණයක පැතිර පවතින කඩොලාන වනාන්තරය
“කඩොලානට දලුලන්න ඉඩදෙන්න”ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර යටතේ පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හලාවත අඩෙවි වන කාර්යාලයට අයත් මරම්බැට්ටිය මූකලාන, වවුල්කැලේ, මැරවල C, මැරවල B, මැරවල A, මැරවල, කුසල සහ කරුකපනේ B යන කඩොලාන වනාන්තරවලින් හෙක්ටයාර 67කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ලෙස නම් කිරීමට නියමිතයි.
ලංකාවේ මේ වන විට පවතින සමස්ත කඩොලාන භුමි ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර එයින් කඩොලාන විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය ප්‍රදේශ ආශ්‍රිතවයි.
ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන්හි කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී ඇති අතර දැනට ලංකාවේ කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තා වී ඇති බවට පර්යේෂණයන්ගෙන් කරුණුවලින් අනාවරණය වී තිබෙනවා.
කඩොලාන පරිසර පද්ධතිය මගින් ලබා දෙන පාරිසරික, ආර්ථික හා සමාජයීය සේවාවන් සැලකිල්ලට ගනිමින් එහි සංරක්ෂණය ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස සලකා 2015 වර්ෂයේ පැවති UNESCO සමුළුවේදී සෑම වසරකම ජුලි 26 දින අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය ලෙසයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.
මෙම සුවිශේෂිත පරිසර පද්ධතියෙහි වැදගත්කම පිළිබඳව දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ එහි තිරසර කළමනාකරණය, සංරක්ෂණය සහ භාවිතය සඳහා විසඳුම් සෙවීමට පෙළඹවීම මෙම දිනය සැමරීමේ ප්‍රධාන අරමුණයි.
මෙම ජාත්‍යන්තර දිනයේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, පරිසර අමාත්‍යාංශය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව, අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය සැමරීමේ ජාතික උත්සවය 2026 ජූලි 27 වන දින පරිසර අමාත්‍යාංශයේදී විශේෂ වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට නියමිතයි.




