අවු.16ට අඩු දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන නව පනත් කෙටුම්පතක්

0
අවු.16ට අඩු දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන නව පනත් කෙටුම්පතක්

අවු.16ට අඩු දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන නව පනත් කෙටුම්පතක්

වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සහ ඔවුන් හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා වන පනත් කෙටුම්පතක් ජනාධිපති නීතිඥ, පා.ම. ෆයිසර් මුස්තාෆා මහතා විසින් අද (24) පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදෙමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

දරුවන් සමාජ මාධ්‍ය වේදිකාවෙත පිවිසීම පාලනය කිරීම සහ හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම මෙම පනතේ මූලික පරමාර්ථය වේ.

මෙම පනත මඟින් ළමා කටයුතු අමාත්‍යවරයාට දරුවන්ගේ සමාජ මාධ්‍ය ප්‍රවේශය වැළැක්වීමට මෙන්ම ඔවුන් දිනකට භාවිත කරන කාලය සීමා කිරීමට බලය ලැබෙන අතර, මෙහි නීතිමය කටයුතු අධීක්ෂණයට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ බලයලත් කොමසාරිස්වරයෙකු පත්කිරීමට යෝජිතය.

පනතේ සිංහල සහ දෙමළ පිටපත් අතර පරස්පරතාවයක් ඇති වුවහොත් සිංහල පිටපත බලපැවැත්වෙන බවද එහි සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com