නීතිවිරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී වාහන 20ක් සමග 03 දෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී වාහන 20ක් සමග 03කු අත්අඩංගුවට
නීත්‍යානුකූල නොවන ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී වාහන 20ක් සමගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය සඳහන් කරනවා.
මෙලෙස නීත්‍යනුකූල නොවන අයුරින් එකළස් කරන ලද රථ වාහන සංවිධානාත්මක අපරාධ සඳහා යොදා ගෙන ඇති බවටත් අදාළ රථ වාහන නීත්‍යනුකූල නොවන ලෙස එකලස් කිරීමට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ලැබී ඇති බවටත් කරුණු අනාවරණය වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත, ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්.
සැකකරුවන්ගෙන් ලද තොරතුරුවලට අනුව කඩවත, මීගහවත්ත සහ මොනරාගල ප්‍රදේශවල තිබී මෙම රථවාහන සොයා ගෙන ඇති අතර මෙවැනි නීත්‍යනුකූල නොවන රථ වාහන 40කට ආසන්න සංඛාවක් පිළිබඳවද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
පොලිස් භාරයට ගත් මෙම වාහන අතර සුඛෝපභෝගී මෝටර් රථ, ජීප් රථ, වෑන්, ලොරි සහ යතුරුපැදිද වන බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය සඳහන් කරනවා.
එමෙන්ම තමන්ගේ රථ වාහනය සොරකම් කර හෝ අස්ථානගත වී ඇත්නම් 0112947780 යන අංකයට දැනුම්වත් කරන ලෙස ද බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අදාළ බල ප්‍රදේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




