බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල් රක්ෂණය කිරීම ආරම්භ කෙරේ.

0
බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල් රක්ෂණය කිරීම ආරම්භ කරයි

බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල් රක්ෂණය කිරීම ආරම්භ කරයි

වර්ථමානයේ පවතින අවධානම් තත්ත්වයන් කළමනාකරණය කරමින් බිත්තර වී නිෂ්පාදන ගොවිපොළවල් සාර්ථකව පවත්වාගෙන යාමට එම ගොවිපොළවල් රක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

මෙහිදී බිත්තර වී අක්කර එකක් සඳහා රුපියල් 13,600ක රක්ෂණ මුදලක් ගෙවිය යුතු අතර එවිට වගා හානියකදී අක්කර එකක් සඳහා රුපියල් 180,000ක මුදලක් වන්දි වශයෙන් ගොවියා වෙත ලැබෙනු ඇත.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ මෙම රක්ෂණ ක්‍රමය මගින් ගංවතුර, නියඟය, පාලනය කළ නොහැකි රෝග, පලාභෝධ හා කෘමි උවදුරු හානි ඇතුළු සියලුම ස්වාභාවික තත්ත්වයන් හේතුවෙන් සිදුවන වගා හානි මෙන්ම වන අලින්ගෙන් සිදුවන වගා හානිද මෙමගින් ආවරණය වන බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com