ලංගමට ඩිජිටල් බස් ගාස්තු ක්‍රමය හඳුන්වා දෙයි

0
ලංගමට ඩිජිටල් බස් ගාස්තු ක්‍රමය හඳුන්වා දෙයි

ලංගමට ඩිජිටල් බස් ගාස්තු ක්‍රමය හඳුන්වා දෙයි

රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසදුම් යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සදහා නව ව්‍යාපෘති වැඩසටහනක් අද (2026.01.01)දින ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙනු ලැබීය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය මත ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීමත්, විනිවිදභාවය මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර තව දුරටත් තහවුරු කිරීමටත්, මගී පහසුව වෙනුවෙනුත් විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ ව්‍යාපෘති වැඩසටහන අද (2026.01.01) දින මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ දී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය…

බස් ගාස්තු විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේදී මගීන්ගෙන් අමතර ගාස්තුවක් අය නොකෙරෙන අතර ඒ අනුව බස්ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමෙන් මගීන්ට වැඩි මුදලක් වැයකිරීමට සිදු නොවේ.

නව ක්‍රමවේදයෙන් මගීන්ට අමතර මුදලක් වැය නොවන අතර, නියමිත ගාස්තුව පමණක් ගෙවීමේ හැකියාවද ලැබේ.

එහිදී හඳුනා ගැනෙන ප්‍රබලතා සහ දුබලතා මත කාඩ්පත් ක්‍රමය තවදුරටත් සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි.

මෙම නියමු ව්‍යාපෘතිය මාකුඹුර – ගාල්ල හා මාකුඹුර – ඇඹිලිපිටිය යන මාර්ග කිහිපයක අද (2026.01.01) සිට ක්‍රියාත්මක වේ

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු සජීව කනගරත්න මහතා, ඩිජිටල් අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා, මහජන බැංකුවේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com