Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අල්ලස් චෝදනා මත කාර්යාල කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ‍

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ‍

රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කාර්යාල කාර්ය සහායකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරු මත, සිදු කරන ලද වැටලීමකට අනුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් නඩු වාර්තාවක සහතික පිටපතක් ලබාදීම සඳහා රුපියල් දස දහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (29) පෙ.ව.10.26ට පමණ කෙසෙල්වත්ත පොලිස් ස්ථානය ආසන්නයේ ඇති වෙළෙඳසැලක් ඉදිරිපිට දී සැකකරුව අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහු කොළඹ 12, දිසා අධිකරණයේ කාර්යාල කාර්ය සහයකවරයෙකු සේවය කර තිබු අතර සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Exit mobile version