බදු අඩු කිරීම ගැන අධිකරණ නිලධාරීන් ඉල්ලු ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

0
අධිකරණ ඉතිහාසය පරීවර්තනීය වෙනසක් – නඩු ඉලෙක්ට්‍රොනිකව(e - filing) ගොනු කරයි

අධිකරණ ඉතිහාසය පරීවර්තනීය වෙනසක් – නඩු ඉලෙක්ට්‍රොනිකව(e - filing) ගොනු කරයි

රජය පැනවු නව බදු ප්‍රතිපත්ති අනුව සිය වැටුපෙන් බදු අඩු කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා අධිකරණ නිලධාරීන්ගේ සංගමය ඇතුලු පාර්ශව තුනක් ගොනුකළ පෙත්සම් අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කර ඇත.

රජය පැනවු නව බදු ප්‍රතිපත්තියට අනුව සිය වැටුපෙන් බදු අඩුකිරීම වළක්වන නියෝගයන් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, මහාධිකරණ විනිසුරුවරුනගේ සංගමය හා කම්කරු අධිකරණ සභාපතිවරුන්ගේ සංගමය පෙත්සම් ගොනුකර තිබිණි.

එම පෙත්සම් බහුතර තීන්දුවකට අනුව අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කළ අතර සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com