Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්කරයි

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරිපෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නිලධාරියෙක් ප්‍රකාශකර ඇත.

ඒ අනුව කුසල් මෙන්ඩිස් දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලුම තරගවල නායකයා ලෙස කටයුතු කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත.

කුසල් මෙන්ඩිස් මීට පෙර ද ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස සහභාගි විය.

Exit mobile version