සියලුම ආගමික ස්ථානයන්හි වත්කම් හා දේපොළ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට යයි

සියලුම ආගමික ස්ථානයන්හි වත්කම් හා දේපොළ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට යයි

සියලුම ආගමික ස්ථානයන්හි වත්කම් හා දේපොළ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට යයි

රට පුරා ඇති ආගමික ස්ථානවලට හිමි වත්කම් සහ දේපොළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

ආගමික ස්ථාන ඉදිරියේදී ලියාපදිංචි කරන බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළේය.

මහානායක ස්වාමින් වහන්සේගේ හා අනෙකුත් ආගමික නායකයින්ගේ අවසර ඇතුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ඉදිරියේදී ග්‍රාම නිලධාරී වසමක තිබිය හැකි ආගමික ස්ථාන ගැනද නිර්ණායක සකස් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *