අත්‍යාවශ්‍ය සේවා ප්‍රකාශ කිරීමේ ගැසට් නිවේදනය දීර්ඝ කරයි

විදුලි බල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව ජනාධිපති ලේකම්වරයා විසිනි.

ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර ඇත.

එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අදාළ ආයතනවලින් පසයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය බැවින්, එම සේවාවල අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *