රු කෝටි 10ක රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04ක් සමග duty-free සාප්පු සංකීර්ණයේ සේවිකාවක් අත්අඩංගුවට

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04ක්, තම සිරුරේ රහස් ප්‍රදේශයේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක් ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙනතිබෙනවා.

24 හැවිරිදි මෙම තරුණිය කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ රූපලාවන්‍ය භාණ්ඩ අලෙවි කරන සාප්පුවේ සේවිකාවක්.

මේ වනවිට මෙම තරුණිය සහ එසේ අත් අඩංගුවට ගෙන ඇති රත්තරන් ජෙල් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *