උද්ධමනය කැපී පෙනෙන ලෙස පහළට

මෙරට උද්ධමනය තවදුරටත් පහළට

මෙරට උද්ධමනය තවදුරටත් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුනි මාසයේ උද්ධමනය සියයට 12ක් දක්වා පහත වැටී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ජුනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මැයි මාසයේ උද්ධමනය සියයට 25.2ක් ලෙස වාර්තා වී තිබුණි.

මැයි මාසයේ සියයට 21.5ක් වු ආහාර කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේ දී සියයට 4.1ක් දක්වා කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සියයට 27ක් ලෙස මැයි මාසයේ වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී සියයට 16.2ක් දක්වා පහත වැටී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *