කෝටි 200ට ආසන්න වටිනා හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය සමග බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනී

කෝටි 200ට ආසන්න වටිනා හොරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගය කොළඹ වරායට

කෝටි 200ට ආසන්න වටිනා හොරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගය කොළඹ වරායට

ශ්‍රි ලංකාවට දකුණ දෙසින් වු මුහුදු සීමාවේ දී රුපියල් කෝටි 200ට ආසන්න වටිනා හොරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව සහ ධීවරයන් හය හයදෙනා (18) පස්වරුවේ කොළඹ වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව කියයි.

ශ්‍රි ලංකාවට දකුණ දෙසින් වු කිලෝ මීටර් 760ක දුරින් වු මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවය හා නාවික හමුදාව එක්ව ඉකුත් 12 දින මෙම මෙහෙයුම සිදුකර සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුමේ දී හොරොයින් කිලෝ 99ක හා හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක ප්‍රමාණයක් තිබු බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

හොරොයින් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව හලාවත ප්‍රදේශයේ යාත්‍රාවක් බවත්, එහි සිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් බව බවද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *