Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට දඩයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට දඩයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට දඩයක්

සංචාරක ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට තරග ගාස්තුවෙන් 25%ක දඩයක් නියම කිරීමට තරග තීරකවරයා කටයුතු කර තිබේ.

ඒ, එම තරගයේදී ICC ආචාරධර්ම සංග්‍රහයට අනුව ක්‍රීඩාවට පටහැනි හැසිරීම් ප්‍රදර්ශනය කිරීම හේතුවෙනි. රවීන්ද්‍ර ජඩේජා විසින් ඔහු පන්දු යවන අතේ මාපටැඟිල්ලේ ක්‍රීම් වර්ගයක් ආලේප කරන අයුරු තරගය අතරතුර දැකගත හැකි විය. ඒ පිළිබඳව මාධ්‍ය තුළ දැඩිලෙස කතාබහට ලක් වූ අතර පන්දුවේ පැහැය වෙනස් කිරීමට රවීන්ද්‍ර ජඩේජා උත්සාහ කරන බවට ඔස්ට්‍රේලියානු මාධ්‍ය ඔහුට චෝදනා කළේය.

ජඩේජා විසින් මොහොමඩ් සිරාජ්ගේ අතින් යම් ද්‍රව්‍යයක් ගෙන එය භාවිතා කරන ආකාරය වීඩියෝ දර්ශනවල දැකගත හැකි වුණි. එම අවස්ථාවේ ඔහුගේ අතේ, පන්දුව තිබුණද කිසිම අවස්ථාවක ජඩේජා පන්දුව මත කිසිවක් තවරන ආකාරය දැකගත නොහැකි වූ බව ඇතැම් විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ නායකයා සහ කළමනාකාරීත්වය පවසන්නේ, ජඩේජා පන්දු යවන අතේ, මාපට ඇඟිල්ලේ ඉදිමීමකට වේදනා නාශක ක්‍රීම් වර්ගයක් ආලේප කළ බවයි. ඒ අනුව, රවීන්ද්‍ර ජඩේජා විසින් සිදු කළ එම ක්‍රියාව, පිටියේ විනිසුරුවරුන්ගෙන්, අවසර නොගෙන සිදු කිරීමේ වරද මත, ඔහුට අදාළ දඩ මුදල පැනවීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු තරගයෙන්, ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 132ක, විශිෂ්ට ජයක් හිමි වුණි.

ඔස්ට්‍රේලියා පළමු ඉනිමේ කඩුලු 05ක් සහ, දෙවන ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමූ රවීන්ද්‍ර ජඩේජා, තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේය.

Exit mobile version