භික්‍ෂු සංවිධාන එකමුතුව ජනාධිපතිට ජූලි 7තෙක් කල් දෙයි; ඉවත්ව නොයන්නේ නම් අඛණ්ඩ හා දැවැන්ත අරගලයක්

භික්‍ෂු සංවිධාන එකමුතුව ජනාධිපතිට ජූලි 7තෙක් කල් දෙයි; ඉවත්ව නොයන්නේ නම් අඛණ්ඩ හා දැවැන්ත අරගලයක්

භික්‍ෂු සංවිධාන එකමුතුව ජනාධිපතිට ජූලි 7තෙක් කල් දෙයි; ඉවත්ව නොයන්නේ නම් අඛණ්ඩ හා දැවැන්ත අරගලයක්

තවදුරටත් රට අරාජික තත්ත්වයට පත් නොකර ජූලි මස 7වන විට සිය ධූරයෙන් ඉවත්ව යන ලෙස දන්වමින් ‘භික්‍ෂු සංවිධාන එකමුතුව’ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලියුමක් මගින් දැනුම් දී තිබේ.

එසේ ඉවත්ව නොයන්නේ නම්, මෙරට සියලුම භික්‍ෂුන් වහන්සේ කොළඹට ඒකරාශී කර මෙම 7දින සිට අඛණ්ඩ හා දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරන බවද එම භික්‍ෂු සංවිධානය සිය ලියුම මගින් ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.

රට තුළ පවත්නා අර්බුදකාරී හා අරාජික තත්ත්වය සමනය කිරීම සඳහා වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා තෛ්‍රනිකායික මහ නා හිමියන් වහන්සේලා ඒකාබද්ධ ප්‍රකාශනයක් අස්සන් කර කළ දැනුම්දීමට සුබවාදී ප්‍රතිචාරයක් හෝ නැඹුරුවක් ආණ්ඩුව වෙතින් නොදැක්වීම නිසා මෙම පියවර ගන්නා බවද එම ලියුම මගින් පෙන්වාදී ඇත.

බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණ ජනතාවට සේවය කරන බවට රුවන්වැලිසෑ පුදබිම, ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩසිටින පුදබිම, තුළදී දිවුරුම් ලබා දෙමින් ජනාධිපතිවරයා කර ඇත්තේ ජනතාව මුළා කිරීමක් බව ත්‍රෛනිකායික මහනායක ස්වාමින් වහන්සේගේ ප්‍රකාශනයට ප්‍රතිචාර නොදැක්වීම තුළින් පෙනී යන බවද එම ලියුමේ සඳහන්ය.

කප්පරක් විශ්වාස තබාගෙන බෞද්ධ භික්‍ෂුන් වහන්සේ ඇතුළු හැටනම ලක්‍ෂයක අති බහුතර ජනතාවක් ජනාධිපතිවරයා තෝරා පත්කර ගත් නමුත් එම ජනතාවට ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අල්පමාත්‍රයක හෝ විශ්වාසයක් නොමැති බවද ගෝඨාභය රාජපක්‍ෂ තවදුරටත් ජනාධිපතිවරයා වශයෙන් පිළිගැනීමට භික්‍ෂුන් වහන්සේ මෙන්ම රටේ සමස්ත ජනතාවද සූදානම් නොමැති බවද එම ලියුම මඟින් පෙන්වාදී ඇත.

රට තුළ මහා විනාශයක් පෙනෙන්නට ඇති විට ඒවා වළක්වාලීමට පියවර ගැනීම මෙන්ම මිලියන 22ක ජනතාවගේ උන්නතිය පිණිස කටයුතු කිරීම භික්‍ෂුන් වහන්සේගේ පරම යුතුකම බැවින් මෙම ඉල්ලීම කරන බවද ‘භික්‍ෂු සංවිධාන එකමුතුව’ සිය ලියුම මගින් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

උලපනේ සුමංගල, කොබෙයිගනේ විජිත, මතුරට ධම්මාලංකාර ඇතුළු භික්‍ෂුන් වහන්සේ 11 නමකගේ අස්සනින් යුතුව මෙම ලියුම යවා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *