ජාවාරම්කරුවන් 675ක අත්අඩංගුවෙන් නීති විරෝධී ලෙස රැස් කළ ඉන්ධන ලීටර් 66,198ක් සොයා ගැනේ

ජාවාරම්කරුවන් 675ක අත්අඩංගුවෙන් නීති විරෝධී ලෙස රැස් කළ ඉන්ධන ලීටර් 66,198ක් සොයා ගැනේ

ජාවාරම්කරුවන් 675ක අත්අඩංගුවෙන් නීති විරෝධී ලෙස රැස් කළ ඉන්ධන ලීටර් 66,198ක් සොයා ගැනේ

නීති විරෝධී ලෙස ඉන්ධන රැස් කර වැඩි මිලට අලෙවි කිරීම්වල නිරතව සිටි ජාවාරම්කරුවන් 675 දෙනකු අත්අඩංගුවට ගෙන ඉන්ධන ලීටර් 66,198ක් සොයා ගැනීමට පොලීසිය මේ වන විට සමත්ව ඇත.

පෙට්‍රල් ලීටර 21,636ක්, ඩීසල් ලීටර 33,462ක්, භූමිතෙල් ලීටර 11,100ක් සොයාගත් ඉන්ධන තොග අතර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

දින කිහිපයක් තිස්සේ කළ වැටලීම් 660කදී මෙම ඉන්ධන තොගය සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. ඉහළ මිල ගණන්වලට මොවුන් ඉන්ධන අලෙවි කිරීම්වල නිරතව සිට ඇති අතර බොහෝ වැටලීම් සිදුව ඇත්තේ මහජනතාව විසින් දුන් තොරතුරු ඔස්සේය. ඉන්ධන ඌනතා නිසා නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කිරීම් කර අධික මිල ගණන්වලට අලෙවි කරන බව නිහාල් තල්දූව මහතා කීය.

මෙසේ අත්අඩංංගුවට ගත් පිරිස් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේද සහාය ඇතිව නීතිමය පියවර ගනිමින් ඇති බවද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මෙසේ ඉන්ධන රැස්කිරීම් හේතුවෙන් යම් අනතුරක් ඇතිවුවහොත් තමාට පමණක් නොව, අසල්වාසීන්ටත් හානි වන බව නිහාල් තල්දූව මහතා පෙන්වා දෙයි. එබැවින් නීති විරෝධිව ඉන්ධන රැස්කිරීම් නොකරන ලෙස නිහාල් තල්දූව මහතා මහජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *