ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පාකිස්තානයේ අනුග්‍රහය

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පාකිස්තානයේ අනුග්‍රහය

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පාකිස්තානයේ අනුග්‍රහය

පාකිස්තානය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව දියුණු කිරීමට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.

ශ්‍රී ලංකා රග්බි සංගමය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරන පළාත් සංවර්ධන රග්බි තරගමාලාවට පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යලය අනුග්‍රහය දක්වයි. එම අනුග්‍රහය නිල වඔයෙන් පිරිනැමීම පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් උමාර් ෆාරුක් බුර්කි සහ ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්වි ඉල්ලියාස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් (13) පැවැත්විණි.

එහිදී මහකොමසාරිස් උමාර් ෆාරුක් බුර්කි මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහණ දී සිටින මෙම අවස්ථාවේ පාකිස්තානය විවිධ ආකාරයෙන් සහයෝගය දක්වන බවයි. රග්බි ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව දක්වන දස්කම් සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව අවධානය යොමු කර රග්බි ක්‍රීඩාවටද අනුග්‍රහය දැක්වීමට තීරණය කළ බවද මහකොමසාරිස් උමාර් ෆාරුක් බුර්කි මහතා කීය.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති රිස්වි ඉල්ලියාස් මහතා එහිදී පැවසුවේ සියලුම අංශ මුදල් පිළිබඳ ගැටලුවකට මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවකදී මෙම අනුග්‍රහය රග්බි ක්‍රීඩාවට වඩාත් වැඳගත් බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *