ශ්‍රී ලාංකිකයෙක් කැනඩා ඔන්ටාරියෝ ප්‍රාන්ත මැතිවරණයක් ජය ගනී

ඔන්ටාරියෝ හි 43 වැනි ව්‍යවස්ථාදායකයේ, ඩග් ෆෝර්ඩ්ගේ නායකත්වයෙන් යුත් ප්‍රගතිශීලී කොන්සර්වේටිව් පක්ෂය බහුතර බලයකින් ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කරමින් සිටී.

පැවති මැතිවරණයෙන් ප්‍රගතිශීලී කොන්සර්වේටිව් පක්ෂය ආසන 83ක් අත්පත් කර ගෙන ඇත. එන්.ඩී.පී පක්ෂය ආසන 31 ක් දිනාගෙන නැවත වරක් ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇත.

ලිබරල් පක්ෂය ආසන 8ක් පමණක් ලබා ගෙන තුන්වන ස්ථානයේ පසුවෙයි. හරිත පක්ෂය සහ ස්වාධීන අපේක්ෂකයා එක් ආසනයක් බැගින් දිනා ගත්හ.

විජේ තනිකාචලම්

ඔන්ටාරියෝ ප්‍රගතිශීලී කොන්සර්වේටිව් පක්ෂයෙන් Toronto Scarborough-Rouge Park මැතිවරණ කොට්ඨාශයෙන් විජේ තනිකාචලම් මහතා තරඟ කළේය. 2018 වසරේ සිට විජේ තනිකාචලම් මහතා මෙම ආසනය නියෝජනය කරයි.

වත්මන් තොරතුරු අනුව ගනන් කර ඇති ඡන්ද 34,602 න් ඡන්ද 15,732 ක් (45.03%) ලබා ගනිමින් විජේ තනිකාචලම් ජයග්‍රහණය කළ බව ප්‍රකාශයට පත් කරන ලදී.

මනාල් අබ්දුල්ලාහ් (ලිබරල්) 27.05% ඡන්ද ලබා ගනිමින් දෙවන ස්ථානයට පත් වූ අතර ෆෙලීෂියා සැමුවෙල් (එන්ඩීපී) 21.9% ඡන්ද ලබා ගනිමින් තෙවැනි ස්ථානයට පත්විය.

ලෝගන් ගණපති

Markham-Thornhill මැතිවරණ කොට්ඨාශයෙන් ප්‍රගතිශීලී කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් තරඟ කළ ලෝගන් ගණපති ඡන්ද 14,011 (48.8%) ලබා ගනිමින් ජයග්‍රහණය කළේය.

ලිබරල් අපේක්ෂක සැන්ඩ්‍රා ටොම් ඡන්ද 10,763 (37.5%) ලබා ගත් අතර එන්.ඩී.පී. අපේක්ෂක මැතිව් හෙන්රික්ස් ඡන්ද 2,597 (9%) ලබා ගත්තේය.

ඔන්ටාරියෝ පළාත් මැතිවරණයෙන් තේරී පත් වූ ශ්‍රී ලාංකික දෙමළ-කැනේඩියානු ජාතික විජේ තනිකාචලම් සහ ලෝගන් ගණපති යන අය ජයග්‍රහණය කර ව්‍යවස්ථා සභාවට තේරී පත් විය.

එමෙන්ම මෙම මැතිවරණයට තරඟ කළ කැනේඩියානු දෙමළ ජාතිකයින් වන සෙන්තිල් මහාලිංගම්, ශාන්තා සුන්දරසන් සහ අනිතා ආනන්දරාජා යන අය පරාජයට පත් වූ බව සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *