මහා බ්‍රිතාන්‍යය, ෆින්ලන්තය සහ ස්වීඩනය සමඟ නව ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට

බ්‍රිතාන්‍යය විදෙස් රටවලින් පැමිණෙන සේවකයින් සඳහා වීසා නීති දැඩි කිරීමට පියවර

බ්‍රිතාන්‍යය විදෙස් රටවලින් පැමිණෙන සේවකයින් සඳහා වීසා නීති දැඩි කිරීමට පියවර

මහා බ්‍රිතාන්‍යය, ෆින්ලන්තය සහ ස්වීඩනය සමඟ නව ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය. එම ආරක්ෂක ගිවිසුමට අනුව, ෆින්ලන්තයට හෝ ස්වීඩනයට හෝ සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත්, එම රටවල් ආරක්ෂා කිරීමට මහා බ්‍රිතාන්‍යය බැඳී සිටිනු ඇත.

නව ආරක්ෂක සහයෝගීතාවට ෆින්ලන්තය සහ ස්වීඩනය එක් කර ගනිමින්, ඊට අදාල ගිවිසුමට අත්සන් තැබීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ සංචාරය කළේය.

ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට, ස්වීඩනය සහ ෆින්ලන්තය හවුල් කර ගැනීමට මහා බ්‍රිතාන්‍යය පියවරගෙන ඇත්තේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත්, රුසියාවේ ක්‍රියා කලාපය සෙසු යුරෝපා රටවලට තර්ජනයක් වීමත් සමඟය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *