ඉන්දීය ධීවරයින් 55ක් කොන්දේසි සහිතව මුදාහරී…

ශ්‍රී ලංකා මුහුදු තීරයේ අත්අඩංගුවට පත් ඉන්දියානු ධීවරයින් 55ක් අද දින කොන්දේසි සහිතව කයිට්ස් අධිකරණය මගින් මුදා හැර තිබේ.

නෙඩුන්තීව් හා එලුවෛතීව් ආසන්නයේ පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදී සිටි ඉන්දියානු ධීවරයින් 55 දෙනා සඳහා මාස 06ක සිර දඬුවම අවුරුදු 5කට අත්හිටුවා තිබේ.

මොවුන්ගේ ඇඟිලි සළකුණු සටහන් කරගෙන ඇති අතර අවුරුදු 5ක කාලයකට නැවතත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ධීවර කටයුතුවල නිරත වුවහොත් ඔවුන්ව වහාම අත්අඩංගුවට ගැනීමටත් විනිසුරු ගජනිදිපාලන් මහතා නියෝග කළේය.

කයිට්ස් අධිකරණයේ මෙම නඩුව කැඳවීමෙන් අනතුරුව මෙම ධීවරයින් විසින් වරද පිළිගත් හෙයින් ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හරහා මෙම ධීවරයින්ව ඉන්දියාවට භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *