Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබොල් පිරිමි ශූරතාවය ශී‍්‍ර ලංකාවට, කාන්තා කණ්ඩායම තෙවැනි ස්ථානයට

බංග්ලාදේශයේදී පැවැති මධ්‍යම ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් තරගාවලියේ පිරිමි කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම (28)වන දින සමත්විය. ඒ ඊයේ පැවති අවසන් මහා තරගයේදී සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරග වට 3-0කින් පරාජයට පත් කරමිනි.

තීරණාත්මක අවසන් මහා තරගයේදී පළමු තරග වටය ඉතා උණුසුම් ස්වරූපයක් ගත් අතර එහිදී ලකුණු 28-26ක් ලෙස තියුණු ජයක් හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සමත්වූහ. පළමු වටයේ ලද ජයත් සමගින් ජයග‍්‍රාහී මානසිකත්වයකින් දෙවැනි තරග වටයට පිවිසි ශී‍්‍ර ලංකා කණ්ඩායම එම වට ලකුණු 25-20ක් ලෙස ජය ගනිමින් අවසන් තරගයේ වැඩි වාසි ශී‍්‍ර ලංකාව දෙසට හරවා ගැනීමට සමත්වූහ. ඒ අනුව තීරණාත්මක තෙවැනි තරගයත් ලකුණු 25-20ක් ලෙස ජය ගනිමින් මධ්‍යම ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායම සමත්විය.

මේ අතර තරගාවලියේ කාන්තා කාණ්ඩයේ තුන්වැනි ස්ථානය තේරීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සහ කිරිකිස්තාන කාන්තා කණ්ඩායම ඊයේ තරග වැදිණි. ඒ අනුව එහීදී තරග වට 3-0කින් කිරිකිස්තානය පරාජයට පත් කරමිනි තරගාවලියේ කාන්තා කාණ්ඩයේ තෙවැනි ස්ථානය ලබාගැනීමට ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

Exit mobile version