“ශ්‍රමයට අභිමන් – ජනතා බුහුමන් 2021” උපහාර උළෙල – කම්කරු නායකයින් ඇගයීමට

“ශ්‍රමයට අභිමන් - ජනතා බුහුමන් 2021” උපහාර උළෙල - කම්කරු නායකයින් ඇගයීමට

“ශ්‍රමයට අභිමන් - ජනතා බුහුමන් 2021” උපහාර උළෙල - කම්කරු නායකයින් ඇගයීමට

කම්කරු නායකයින් ඇගයීමේ “ශ්‍රමයට අභිමන් – ජනතා බුහුමන් 2021” උපහාර උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී (15) පැවැත්විණි.

කම්කරු ප්‍රජාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ කීර්තිමත් වෘත්තිය සමිති නායකයින් නව දෙනකු මෙහිදී ඇගයීමට ලක්වූ අතර ඊට අමතරව කම්කරුවන්ගේ උන්නතිය උදෙසා තම සේවා කාලය කැප කළ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු වෙත ද මෙහිදී ඇගයීම් සම්මාන පිරිනැමිණි.

කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද මඩිහහේවා සහ හිටපු කම්කරු කොමසාරිස් ජනරාල් ගුණසිරි වීරකෝන් යන මහත්වරු මෙහි දී ඇගයීම් සම්මාන ලබාගත් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් වෙති.

මීට අමතරව වෘත්තිය සමිති නායකයන් වන මෙරෙඤ්ඤගේ දයාරත්න මුණිදාස ප්‍රනාන්දු (සමස්ත ලංකා එක්සත් මෝටර් කම්කරු සංගමය), ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර (ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය), සුප්පයියා සුබ්‍රමනියම් රාමනාදන් (වතු සේවක සංගමය), හේම අමරතුංග පියදාස (සමස්ත ලංකා වෙළඳ හා කර්මාන්ත කම්කරු සංගමය), රෙන්ගසාමි පලිනමුතු (ලංකා කම්කරු කොංග්‍රසය), විජේවන්ත පද්මසිරි අමරසිංහ (ලංකා වතු සේවක සංගමය) , රෙන්ගයියා මරුදමුත්තු ක්‍රිෂ්ණසාමි (කෘෂිකාර්මික හා වතු කම්කරු සංගමය), අරුමුගම් මුතුලිංගම් (එක්සත් වතු කම්කරු සංගමය), තුවාන් මන්සූර් රහීම් රසිඩීන් (ලංකා කම්කරු ෆෙඩරේෂන්) යන මහත්වරුද මෙහිදී සම්මාන ලැබූහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයාව සිටියදී කළ යෝජනාවකට අනුව බිහි කල ශ්‍රම වාසනා අරමුදලේ පුරෝගාමීත්වයෙන් කම්කරු අමා්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරිණි.

වසර 35 ට වැඩි කාලයක් වෘත්තිය සමිති ක්ෂේත්‍රයේ නියැලෙමින් වැඩකරන ජනතාව වෙනුවෙන් සේවයට කැප වූ කම්කරු නායකයින් සහ රාජ්‍ය සේවයේ යෙදෙමින් කම්කරුවන්ගේ උන්නතිය උදෙසා තම සේවා කාලය කැප කළ රාජ්‍ය නිලධාරීන් ඇගයීම මෙහි අරමුණ වී ඇත.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ, කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා, ශ්‍රම වාසනා අරමුදලේ අධ්‍යක්‍ෂවරුන්වන ලලිත් කන්නන්ගර, සුදත් බණ්ඩාර, හිමාලි ඔරුගොඩවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *