එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වැඩ කරන සතිය දින හතර හමාරක් බවට පත්කල පළමු රට බවට පත් වේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා විවිධ බන්ධනාගාරවල සිටින ලාංකිකයන් 44ට සමාව

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා විවිධ බන්ධනාගාරවල සිටින ලාංකිකයන් 44ට සමාව

වැඩ කරන සතිය දින හතර හමාරක් බවට පත්කල පළමු රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත්වී තිබේ.

ඒ අනුව, ලබන 2022 ජනවාරි පළමුවනදා සිට එරට නව සති අන්තය ලෙස සැළකෙන්නේ සිකුරාදා වරුවක්, සෙනසුරාදා සහ ඉරිදාය.

දැනට ලොව පුරා සම්මත වැඩ කරන සතිය ලෙස සැළකෙන්නේ දින 5කි.

ජනවාරි පළමු වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාමාන්‍ය රාජකාරි වේලාවන් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 7.30 සිට පස්වරු 03.30 දක්වා වන අතර, සිකුරාදා දිනවල එය පැය 4 හමාරකට සීමා වනු ඇත.

කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ජීවන රටාව සමබරව පවත්වාගෙන යෑමේ අරමුනින්, ඔවුන් නව සැළසුම ක්‍රියාත්මක කරන බව එමිරේට්ස් බලධාරීන් පවසා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *