චීන-ලාඕස දුම්රිය මාර්ගය විවෘත කිරීමේ උත්සවයට චීන ජනාධිපති සහ ලාඕස ජනාධිපති එක්වෙයි

චීන-ලාඕස දුම්රිය මාර්ගය විවෘත කිරීමේ උත්සවයට චීන ජනාධිපති සහ ලාඕස ජනාධිපති එක්වෙයි

චීන-ලාඕස දුම්රිය මාර්ගය විවෘත කිරීමේ උත්සවයට චීන ජනාධිපති සහ ලාඕස ජනාධිපති එක්වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ලාඕස ජනාධිපති Thongloun Sisoulith මහතා (03) සවස වීඩියෝ ආකාරයෙන් චීන-ලාඕස දුම්රිය මාර්ගය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූහ.

චීන-ලාඕස දුම්රිය මාර්ගය “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ උසස් මට්ටමේ සම-ඉදිකිරීම් ව්‍යාපෘතියක් බව ෂී ජින් පිං මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මෑත වසරවලදී, චීනය “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ සම-ඉදිකිරීම් මට්ටම අඛණ්ඩව වැඩිදියුණු කර අදාළ රටවලට ප්‍රතිලාභ ලබා දී ඇති අතර ලෝක ආර්ථික සංවර්ධනයට නව අවකාශයක් නිර්මාණය කර ඇත. එම වැඩපිළිවෙළ යටතේ ලාඕසය ඇතුළු රටවල් සමඟ වඩාත් සමීප හවුල්කාරිත්ව ශක්තිමත් කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද චීන ජනාධිපතිවරයා පැවසීය.

අද සාඩම්බර අවස්ථාවක් බවත්, සමස්ත ලාඕස ජාතිකයන්ගේ පොදු සිහිනය අවසානයේ සැබෑ වී ඇති බවත් Thongloun Sisoulith මහතා මෙහිදී ප්‍රකාශ කළේය. චීනයේ ප්‍රබල සහයෝගය පිළිබඳව අගය කරමින් හෙතෙම කියා සිටියේ, ලාඕසය අවසානයේ දුම්රිය නොමැති යුගයට සමු දුන් බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *