කෝටි 3000කට වරාය අධිකාරියට අයත් අක්කර 13ක ඉඩමක් චීනයට – අශෝක් අබේසිංහ

රුපියල් කෝටි 3000කට වරාය අධිකාරියට අයත් අක්කර 13ක ඉඩමක් චීනයට - අශෝක් අබේසිංහ

රුපියල් කෝටි 3000කට වරාය අධිකාරියට අයත් අක්කර 13ක ඉඩමක් චීනයට - අශෝක් අබේසිංහ

කොළඹ වරාය අධිකාරියට අයත් අක්කර 13ක ඉඩමක් චීනයට රුපියල් කෝටි 3000කට ලබා දීමට කටයුතු කරගෙන යන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී (02) පැවසීය.

මෙම ඉඩම පිහිටා ඇත්තේ කොළඹ වරාය නගරය ආසන්නයේ බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ වරාය හා නාවික අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය. මෙය ඉතා වටිනා ඉඩමක් බවද ඔහු සඳහන් කළේය.

ඩොලර් අවශ්‍ය බව පවසමින් රටේ දේපළ මෙසේ විකුණන බවත් මෙය බරපතළ අපරාධයක් බවත් අශෝක් අබේසිංහ මහතා කීවේය.

වරාය වෘත්තිය සංගම් මේ තීරණයට එරෙහිව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පැවසූ මන්ත්‍රීවරයා බටහිර දියකඩනය සෑදීම අදානි සමාගමට ලබාදී ඇතැයිද ප්‍රකාශ කළේය.

මේ අතර වරාය අධිකාරිය කෝටි 316ක් සූරියවැව ක්‍රීඩාංගණයට ලබාදියයුතු බව අයවැය සාරාංශවල දැක්වෙන බවත් එහි එසේ සඳහන් වුවත් සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය වරාය අධිකාරියට රුපියල් බිලියන 2කට වැඩි මුදලක් ගෙවිය යුතු බව කෝප් වාර්තාවේ සඳහන් වන බවත් ඔහු පැවසුවේය.

අරුම පුදුම රටක මිස මේවා වෙන සාමාන්‍ය රටක සිදුවිය නොහැකි යැයිද හෙතෙම සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *