Type to search

පකිස්ථානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීම : 100ක් අත්අඩංගුවට

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

පකිස්ථානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේදී (03) පාකිස්ථානුවන් පිරිසක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු වධ හිංසනයට ලක් කර ඝාතනය කර තිබුණි.

වධහිංසනයට ලක් කර ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බව පකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කර තිබූ අතර එම සිදුවීමට අදාළ දර්ශනද විදෙස් මාධ්‍ය ඔස්සේ පළ කෙරිණ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සියල්කොට්හී පෞද්ගලික කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකි.

මේ අතර (03) පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කර සිටියේ, ශ්‍රී ලාංකිකයාගේ ඝාතනයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙනැවිත් දැඩි දඬුවම් පමුණුවන බවයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, එලෙස ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීම පාකිස්ථානයට ලැජ්ජාවක් බවත් ඝාතනයට අදාළ පරීක්ෂණය තමන් අධීක්ෂණය කරමින් සිටින බවත්ය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *