පුරප්පාඩු වූ විභාග කොමසාරිස් ජනරාල් ධූරයට ධර්මසේන මහතා

පුරප්පාඩු වූ විභාග කොමසාරිස් ජනරාල් ධූරයට ධර්මසේන මහතා

පුරප්පාඩු වූ විභාග කොමසාරිස් ජනරාල් ධූරයට ධර්මසේන මහතා

අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන එල්.එම්.ඩී. ධර්මසේන මහතා නව විභාග කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.

ඔහු සිය ධුරයයේ ලබන 29 වනදා රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.
ධර්මසේන මහතා මෙම තනතුරට පත්වීමට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

කොළඹ ආනන්ද සහ මහානාම යන විදුහල්වල විදුහල්පතිවරයා ලෙසද සේවය කළ ධර්මසේන මහතා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපතිවරයෙක්ද වේ.

විභාග කොමසාරිස් ලෙස කටයුතු කළ සනත් පූජිත මහතා පසුගියදා විශ්‍රාම යෑමෙන් පසුව එම තනතුර පුරප්පාඩු විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *