දින තුනක් ඇතුළත ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා චීන පොහොර සමාගමෙන් එන්තරවාසියක්

දින තුනක් ඇතුළත ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා චීන කාබනික පොහොර සමාගමෙන් එන්තරවාසියක්

දින තුනක් ඇතුළත ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා චීන කාබනික පොහොර සමාගමෙන් එන්තරවාසියක්

මතභේදයට තුඩුදුන් චීන පොහොර සමාගම වන Qingdao Seawin Biotech Group Co Ltd සමාගම, ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයෙන් ඩොලර් මිලියන අටක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

ඒ, විද්‍යාත්මක පරීක්‍ෂණ ප්‍රතිඵල උල්ලංඝණය කරමින් පරීක්‍ෂණ වාර්තා නිකුත් කිරීම සහ සාවද්‍ය පරීක්‍ෂණ ප්‍රතිඵල පිළිබද වැරදි ප්‍රචාරයන් සිදුකිරීමට එරෙහිවයි. මේ හේතුවෙන් තමන්ට අලාභයක් සිදුව ඇති බවයි චීන සමාගම පෙන්වාදී ඇත්තේ. නොවැම්බර් 5 වැනිදා සිට දින තුනක් ඇතුළත එම මුදල නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටද එම ලිපිය මගින් අනතුරු අගවා ඇත. සමාගම සිය නීතිඥ එම්.ජේ.එස් ෆොන්සේකා මහතා හරහා මෙම ගෙවීම ඉල්ලා ලිපිය යොමු කොට තිබේ.

සමාගම විසින් සපයන ලද සාම්පලවල ‘Erwinia’ නම් හානිකර බැක්ටීරියා අඩංගු බව කියමින් ශ්‍රී ලංකාව පොහොර නැව ප්‍රතික්ෂේප කළද සැපයුම්කරු එය අභියෝගයට ලක්‌ කොට ඇත.

සමාගම චීනයේ විශාලතම සහ අංක එකේ කාබනික පොහොර නිෂ්පාදකයා වන අතර එහි නිෂ්පාදනයක් වන මුහුදු පැලෑටි කාබනික කැට පොහොර ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු ලොව පුරා රටවල් 50 කට වැඩි ගණනකට අපනයනය කරයි. නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය වාණිජකරණය වූ කාබනික අමුද්‍රව්‍ය, ඇමයිනෝ අම්ල, හියුමික් අම්ලය, මුහුදු පැලෑටි සහ මැටි බව එහි සඳහන් වේ.

නිෂ්පාදන ක්‍රියාවලිය සෙල්සියස් අංශක 600ක උෂ්ණත්වයකදී රෝලර් ද්විත්ව වියළීමේ ක්‍රියාවලියකි.

“සියලු ව්යාධිජනක බැක්ටීරියා අමුද්‍රව්‍ය විනාශ වන අතර එය ව්යාධිජනක පළිබෝධ සහ බැක්ටීරියා වලින් තොරයි” යනුවෙන් එම ලිපියේ සදහන්ව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *