අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක උපරිම මිල සීමා ඉවතට, ගැසට් පත්‍ර 07ක් අවලංගු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

භාණ්ඩ මිලට අදාළ චක්‍රලේඛ අහෝසි කරන්න - අත්‍යවශ්‍ය ආහාර සැපයීම් කමිටුව

භාණ්ඩ මිලට අදාළ චක්‍රලේඛ අහෝසි කරන්න - අත්‍යවශ්‍ය ආහාර සැපයීම් කමිටුව

(03) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක උපරිම මිල සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ සමග උපරිම මිල නියම කරමින් භාණ්ඩ රැසක් සදහා මීට පෙර පනවා තිබූ ගැසට් නිවේදන 7ක් අවලංගු වනවා.

මීට පෙර 2017 වසරේ පනවන ලද ගැසට් නිවේදනයකට අනුව මයිසූර් පරිප්පු කිලෝවක් සදහා රුපියල් 159ක්, ආනයනික වියළි හාල් මැස්සන් කිලෝවක් සදහා රුපියල් 490ක්, මුං ඇට කිලෝවක් සඳහා රුපියල් 205ක් සහ අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 115ක්, සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 122ක්, දුඹුරු සීනි කිලෝවක් සදහා රුපියල් 125ක් ලෙස මීට පෙර ගැසට් පත්‍ර මගින් උපරිම මිල සීමාවක් නියම කර තිබුණි.

මීට අමතරව කඩල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 260ක්, වියළි මිරිස් කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 385ක්, කට්ටා කරවල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 1100ක්, සාලයා කරවල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 425ක්, සස්ටජන් ග්‍රෑම් 400යේ පැකට්ටුවක් සදහා 1500ක් සහ උම්බලකඩ කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 1500ක් ව පැවති උපරිම මිල සීමාවද නව ගැසට් පත්‍රය මගින් ඉවත් කර තිබෙයි.

මේ අතර ආනයනික සහල් සදහා මෙතෙක් පනවා තිබූ බදු මුදලද අඩුකර තිබෙනවා. ඒ අනුව ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සදහා පැවති රුපියල් 65ක් වන විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද සත 25ක් දක්වා අඩු කිරීමටයි කටයුතු කර ඇත්තේ. මෙම සංශෝධනය මාස 6ක් සදහා වලංගු වන බවයි පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *