Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පසුගිය දශක දෙක තුළ කාලගුණික විපර්යාස හේතුවෙන් රටවල් 10ට දැඩි බලපෑම්

පසුගිය දශක දෙක තුළ කාලගුණික විපර්යාස හේතුවෙන් රටවල් 10ට දැඩි බලපෑම්

පසුගිය දශක දෙක තුළ කාලගුණික විපර්යාස හේතුවෙන් රටවල් 10ට දැඩි බලපෑම්

කාලගුණික විපර්යාස හේතුවෙන් පසුගිය දශක දෙක තුළදී ලොව රටවල් 10 කට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ගෝලීය කාලගුණ අවදානම් දර්ශකය සදහන් කරනවා.

2000 – 2019 කාලය තුළදී කාලගුණික විපර්යාස හේතුවෙන් වැඩිම හානියට පත්ව ඇත්තේ පෝටො රිකෝ රාජ්‍ය හා මියන්මාරයයි. ඊට අමතරව හයිටිය, පිලිපිනය, මොසැම්බික්, බහමාස්,බංග්ලාදේශය, පාකිස්ථානය, තායිලන්තය හා නේපාලය ද අයහපත් කාලගුණයෙන් දැඩි පීඩාවට ලක්වු අනෙක්රටවල් වනවා. එම රටවලට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ සුළි කුණාටුවලින් බවයි ගෝලීය කාලගුණ අවදානම් දර්ශකය සදහන් කරන්නේ.

2019 වසරේ දී දැඩි සුළං, අධික වර්ෂාපතනය, ගංවතුර හා නායයෑම්වලින් වැඩිම හානියට පත් වූ රට ලෙස මොසැම්බික් රාජ්‍ය හැදින්විය හැකියි. එමෙන්ම ඉදිරියේ දී සුළි කුණාටුවලින් ඇති වන බලපෑම තවදුරටත් ඉහළ යා හැකි බවට එම දර්ශකය අනතුරු අගවනවා. කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය යේ දි හෙට ආරම්භ වන කෝප් 26 සමුළුවේ දී ලෝක බලවතුන් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

Exit mobile version