අමෙරිකාවෙන්, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2.5 ක කොරෝනා ආධාර

ශ්‍රී ලංකාවට හදිසි කොරෝනා ආධාර වශයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසනවා.

මෙම ආධාර එක්සත් ජනපද නියෝජිතායතනය හරහා ලබාදෙන බවයි තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම අමතර පරිත්‍යාගය සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමටත්, සෞඛ්‍ය සේවකයින්ට සහය ලබාදීමටත් එන්නත් කරා ප්‍රවේශය වැඩිදියුණු කිරීමටත් හේතුවනු ඇති බවයි ශ්‍රී ලංකාව සහ මාලිදිවයින් සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ අධ්‍යක්ෂ රීඩ් ඇෂ්ලිමන් ප්‍රකාශ කර ඇත්තේ.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *